Tuesday, April 15, 2014

ඇඩෝබි සමාගම Photoshop CS2 ඇතුලු මෘදුකාංග කිහිපයක් නොමිලේ දෙයි!

Photoshop භාවිතා කරන අය දන්නවා ඇති මේක කොච්චර ප්‍රයෝජනවත් මෘදුකාංගයක්ද කියලා.මටත් මේක ඕන වෙලා මම ගූගල් එකේ සර්ච් කරනකෙට මට මේ ලින්ක් එක හම්බ වුනේ.....
මේක අවුරුදු 7ක් විතර පරණ නිසා නූතන මෙහෙයුම් පද්ධති වලට නොගැලපෙන නිසාත් ඒගොල්ලො නොමිලේ දෙන්න තීරණය කරල.Photoshop  විතරක් නෙමෙයි මේ විදිහට ගොඩක් ඒවා නොමිලේ දෙනවා.
crack කරපුව දාල අමාරුවෙ වැටෙනවට වඩා මේ වගෙ එකක් පාවිච්චි කරන එක හොදයිනෙ.

කොහොමත්  පරණ computer වල අලුත් version වැඩකරන්නෙ නැහැනෙ....
අනික හොරු වෙන්නෙත් නැහැනෙ.ඒ නිසා හැම අතන්ම වාසියි ඔයාට..........

ඔන්න මම පහලින් ලින්ක් එක දාලා ඇති එතනින් වෙබ් සයිට් එකට යන්න.හැබයි සයිට් එකේ රෙජිස්ටර්

වුනාට පස්සෙ තමයි ඩවුන්ලෝඩ් දෙන්නෙ.



Monday, April 14, 2014

W3Schools වෙබ් අඩවිය හොදද නරකද? ඔබේ අදහස කුමක්ද?

ගොඩක් කට්ටිය වෙබ් ඩිසයිනින් ඉගෙනගන්න ගොඩවෙන සයිට් එකක් තමයි W3Schools කියල කියන්නෙ.ඒත් මේ ලගකදි මේ වෙබ් අඩවිය ගැන කරක ආරංචි එන්න ගත්තා.ඒවයි සත්‍ය අසත්‍යතාවය නම් මටත් ගැටලුවක්.නමුත් මම හිතුවා මේ හොයාගත්ත දේවල් ඔයාලා එක්ක බෙදාගන්න.එතකොට ඔයාට තීරණයක් ගන්න පුලුවන් වේවි.මේවා මගේ අදහස් නෙමෙයි.විවිධ වෙබ් අඩවිවල තිබිච්ච දේවල්....

w3fools කියන වෙබ් අඩවියෙ ‍W3Schools වෙබ් සයිට් එකේ ගොඩක් වැරදි අඩුපාඩු පෙන්වලා තියෙනවා.මේ සයිට් එකේකියන විදිහට  W3C ආයතනය සමග කිසිදු සම්බන්ධතාවයක් මේ වෙබ් අඩවියට නැතිලු.වැඩි විස්තර ඔයාලට w3fools වෙබ් සයිට් එකට ගිහින් බලාගන්න පුලුවන්.

ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන about.com වෙබ් අඩවියෙත් මේ පිලිබද ලිපියක් තිබුනා.ඒකත් මෙතනින් ගිහි්න් කියවලා බලන්න.

මේකෙ තියෙන බොහෝ අඩුපාඩු නිසා ලෝකයෙ බොහෝ දෙනා අතර තියෙන මත ටිකක් තමයි ඔය.මේ කිසි දෙයක් මගේ පෞද්ගලික අදහස් නොවන අතර මගේ අරමුණ වූයේ මේ පිලිබද තීරණයක් ගැනීමට ඔබව දැනුවත් කිරීම පමණයි.තීරණය කිරිම ඔබ සතුයි.එවිට ඔබගේ කාලය හා මුදල් ඉතිිරි කරගත හැක.මේ ගැන ඔබේ අදහස් හා යෝජනා බලා‍පොරොත්තු වෙනවා.

Thursday, April 10, 2014

ප්‍රයෝජනවත් වෙබ් අඩවි පිලිවෙලකට Bookmark කරගත හැකි වෙබ් අඩවියක්.

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට නොයෙක් ප්‍රයෝජනවත් වෙබ් අඩවි හමුවෙනවා.ඒවා හැම එකක්ම මතක තියාගන්න එක කොහෙත්ම කරන්න අමාරු වැඩක්.ඒ නිසා අපි ඒවා Bookmark කරන්න පුරුදු වෙලා තියනවා.ඒත් වෙබ් බ්ව්සර් එකෙන් Bookmark කළමනාකරනය කරගන්න හරි අමාරුයි මොකද ගොඩගැහුනම එපා වෙනවා.ඒකට විසදුමක් විදිහට අපිට මේ වෙබ් අඩවිය භාවිතා කරන්න පුලුවන්.මේ වෙබ් අඩවියෙ නම  Diigo සමහර විට ඔයාල අහලත් ඇති.වෙබ් අඩවි විවිධ ආකාරයට ලේබල් කරල පහසුවෙන් කලමනාකරනය කරගන්න පුලුවන්.ඒ වගේම විවිධ ලිපි වල වැදගත් කොටස් වෙනම හයිලයිට් කරන්න පුලුවන්.පුංචි පුංචි සටහන් ලියන්න පුලුවන්.පහත Link එකේ ගහිල්ලා මේකෙ රෙජිස්ටර් වෙන්න පුලුවන්.ඒකෙන් දෙන Diigo Extension එක වෙබ් බ්‍රව්සර් එකට දාගත්තම වැඩේ ගොඩක් ලේසියි.
                                                           
                                                               මෙතනින් යන්න.

Monday, April 7, 2014

Computer viruses ගැන දැනගනිමු.

අපි ගියවර ලිපියෙන් මැල්වෙයාර් ගැන කතා කරා මතක ඇති.ඒ ලිපිය බලන්න බැරිවුනානම් මෙතනින්  ගිහින් බලන්න.

අද මම බලාපොරොත්තු වෙන්නෙ පරිගණක වෛරස ගැන කතා කරන්න.ඇත්තටම වෛරස් කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්.ඒ තරමටම මේක ජන අප්‍රියයි.මේ නම හැදෙන්නත් මූලික වෙලා තියෙන්නෙ ජීව වෛරසවල තියෙන ලක්ෂණ මේ වැඩසටහන්වල‍ට තියෙන නිසා.මොකද මේ වැඩසටහන් ස්වයංක්‍රීයව පිටපත් වේගෙන යනවා.ඒ වගේම මේවට වෙනත් ප්‍රෝගෑම් වල සහය අවශ්‍යයයි.තනියම ගේමක් දෙන්න අමාරුයි ඒ කියන්නෙ.


දැන් බලමු පොතේ හැටියට පරිගණක වෛරසයක් කියන්නෙ මොකක්ද කියලා.


පරිගණක වැඩසටහනක් තුළ සිටිමින් ස්වයං පිටපත් වීමේ හැකියාවෙන්  යුතු (බොහෝ අවස්ථාවල දී කුඩා ප්‍රමාණයේ)පරිගණක වැඩසටහන් පරිගණක වෛරසයක් ලෙසින් හැදින්වේ.


මම මේක උපුටාගත්තෙ 11 වසරෙ ICT පොතෙන්.අන්තර්ජාලය හරහා තමයි වෛරස් පැතිරෙන්නෙ.පස්සෙ තමයි පෙන් ඩ්‍රයිව් වලටයි,සංයුක්ත තැටි අාදී ඕනම දේකට එන්නෙ.‍වෛරස් වලින් වෙන හානි මෙච්චරයි කියල කියන්න අමාරුයි.අත්දැකීම් එහෙමත් ඇතිනෙ.ප්‍රධානම දේවල් ටිකක් මම පහතින් දාන්නම්.



  • පරිගණකයේ තියෙන දත්ත හා තොරතුරුවලට විශාල වශයෙන් හානි වෙන්න පුළුවන්.ඇතැම් විට විනාශ වෙලාම යන්න පුළුවන්.
  • සමහර සොෆ්ට්වෙයා හිටි ගමන් වැඩ නොකරන තත්වෙට පත්වෙන්න පුලුවන්.
  • කම්පියුටර් එක ගොඩක් ස්ලෝ වෙන්න පුුලුවන්.
ඔය වගෙ දේවල් තමා වැඩි වශයෙන් දකින්න තියෙන්නෙ.එක එක වෛරස්වල හැටියට වෙනස්වෙන්න පුලුවන්.

දැන් බලමු වෛරස් වලින් ආරක්ෂා වෙන්නෙ කොහොමද කියලා.

වෛරස් එකක් ආවට පස්සෙ පනදාගෙන දගලනවට වඩා නරක නැද්ද කලින්ම සූදානම් වෙලා ඉන්න එක.ගොඩක් වෙලාවට වෛරස් එකක් අාවට පස්සෙ වෛරස්ගාඩ් එකක් දැම්මට එච්චර සාර්ථක වෙන් නෑ.ඒක මම අත්දැකීමෙන්ම දන්නව.

  • ඉස්සෙල්ලම වෛරස් ගාඩ් එකක් දාගන්න එක ඇගට ගුනයි.දැන් මෙහෙම කියනකොට සමහරු අහන ප්‍රශ්නයක් තමයි හොදම වෛරස්ගාඩ් එක මොකක්ද කියලා.මටනම් ඒ ප්‍රශ්නෙට දෙන්න ‍තියෙන එකම උත්තරේ තමයි කොච්චර හොද වුනත් අප්ඩේට් කරන් නැත්නම් ඒකෙන් වැඩක් නෑ කියන එක.ඒ හින්දා නිතරම අප්ඩේට් කරන්න ඕන දාගත්තා වගේ.
  • තමන්ගෙ වැදගත් ෆයිල්ස්  Backup කරලා වෙනම තැටිගත කරල තියාගන්න.
  • විශ්වාස නැති වෙබ්සයිට් වලට යන්න එපා.ඒ වගේම ෂුවර් නැති සයිට් වලින් එක එක ඒවා ඩවුන්ලෝඩ් කරගන්නත් එපා.
  • ක්රැක් කරපු සොෆ්ට්වෙයා පාවිච්චි කරද්දි පරිස්සම් වෙන්න.ඒවයි ගොඩක් වෙලාවට වෛරස් තියෙනවා
  • පෙන් එහෙකට ඉන්ටර්නෙට් කැෆේ එකකින්,කම්පියුටර් ලැබ් වගෙ පොදුවේ පරිගණක පාවිච්චි වෙන තැනකින් මොනවහරි ගෙනාවම මතක ඇතුව ස්කෑන් කරල ගන්න.
  • කම්පියුටර් සොෆ්ට්වෙයාර් නිතරම අප්ඩේට් කරන්න.එතකොට ඒවයි ආරක්ෂාව සහ ශක්තිමත් බව වැඩි වෙනවා.
මම ඔයාලත් එක්ක බෙදාගත්තෙ වෛරස් ගැන මම දන්න තොරතුරු ටිකක්.සමහර විට මේ ලිපිය කියවපු ඔයා මීට වඩා මේ ගැන දන්නවා ඇති.ඒ දන්න දේවල් කමෙන්ට් එකක් මගින් අනිත් අයටත් දැනගැනීමට ඉඩ සලස්වන්න.



Friday, April 4, 2014

මොනවටද මේ Malware කියන්නෙ?

ඔබ පරිගණකය නිතර භාවිතා කරන කෙනෙක් නම් මේවා ගැන හොද අත්දැකීමක් ඇති.

කාගෙ හරි පෙන් එකක් කම්පියුටර් එකට ගැහුවට පස්සෙ එහෙම නැත්නම් නෙට් එකෙන් මොකක්හරි ඩවුන්ලෝඩ් කරාට පස්සෙ සෑහෙන්න කම්පියුටර් එක ස්ලෝ වෙලා,එක එක ලෙඩ වරටෙන්න ගත්තාම තරහගියපු අවස්ථා ඕනතරම් ඇති.සමහර වෙලාවට තමන්නට වැදගත් ෆයිසල්ස් නැත්තටම නැතිවෙච්ච වෙලාවලුත් ඇති.ඒ වෙලාවට සමහර අය කියනවා කම්පියුටර් එකට වයිරස් ඇවිල්ල කියල.සමහරවිට වෛයිරස් එකක් වෙන්නත් පුලුවන්.ඒත් ඇත්තටම කම්පියුටර් වලට එන්නෙ වෛයිරස් විතරද.නැහැ තව දෙවල් තියනවා මේ විදිහට අපිට කරදර කරන.වෛරස් කියන්නෙ ඒවායින් එකක් විතරයි.

Computer viruses
worms
Trojan Horse
Spyware
Adware
Hijacker
Dialer
Spam



පොත්වල තියෙන විදිහට මැල්වෙයා එකක් කියන්නෙ මෙන්න මේ වගේ දෙයකට.

පරිගණක පද්ධතිවලට තර්ජන හා බලපෑම් ඇතිකරන පරිගණක මෘදුකාංග පොදුවේ අනිෂ්ට මෘදුකාංග (Malware or Malicious software) ලෙසින් හැදින්වේ.

එතකොට අපිට මේ හැදින්වීමෙන්ම පේනවා මේ හැම එකකටම භාවිතා කරන්න පුලුවන් පොදු නම  Malware  කියලා...

දැන් මේ ගැන යම්කිසි අවබෝධයක් ඔයාල තුල ඇති.මම ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වෙනවා මේ හැම වර්ගයක් ගැනම තොරතුරු ඔයාලා එක්ක බෙදාගන්න.

සමහරවිට මේ ලිපිය කියනපු ඔබ මේ ගැන මීට වඩා දන්නවා ඇති.එහෙම දේවල් තියෙනම් කමෙන්ට් එකක් දාන්න ඒක අපි හැමෝටම දැනගන්න.

මූලාශ්‍ර

1.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 11 ශ්‍රේණිය පාසල් ‍පෙල පොත
2.http://ist.mit.edu/security/malware