Tuesday, June 24, 2014

FAKE E-MAIL ADDRESS ලබාගත හැකි වෙබ් අඩවියක් මෙන්න!

ඇතැම් වෙබ් අඩවි වලින් විවිධ දේවල් ඩවුන්ලෝඩ් කරන්න යනකොට ඊ මේල් එක ඉල්ලන වෙලාවල් තියෙනවා.සමහර සයිට් වලට ඊ මේල් දුන්නයින් පස්සෙ හතර වටින් හෝ හෝ ගාලා ඊ මේල් එන්න පටන් ගන්නවා.අනව්‍ය විදිහට Inbox එක පිරුනම ඒ කරදරෙත් අපිටමයි.


ඉතින් ඒ වගෙ වැඩවලට අපිට ‍මේ වෙබ් අඩවිය පාවිච්චි කරන්න පුලුවන්.අපි සයිට් එකට යනකොටම ඊ-මේල් ලිපිනයක් එතන තියෙනවා.ඒක කොපි කරල අදාල තැනට දුන්නම වැඩේ හරි.අපිට රිප්ලයි කරන ඒවා ඉබේම යටින් ලෝඩ් වෙනවා.හැබැයි ඒවා ඒ වෙලාවෙම බලාගන්න ඕන.

මම ඔයාලා වෙනුවෙන්ම ෆේස්බුක් ෆෑන් පේජ් එකකුත් හැදුවා. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.

                                           වෙබ්සයිට් එකට මෙතනින් යන්න


Saturday, June 21, 2014

Electrical Drawing පහසුවෙන් නිර්මාණය කල හැකි මෘදුකාංගයක්.

අද මම Electrical  ඉගෙනගන්න වගේම දැනට වෘත්තියක් වශයෙන් Electrical  කරන අයටත් ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් ගැන ඔබව දැනුවත් කරන්න හිතුවා.මම දැකලා තියෙනවා බොහෝ අය මේ පිලිබද නොදැනුවත් කමින් තමන්ගෙ කාලයක් මුදලුත් නාස්ති කරගන්නවා.ඒ නිසා ඔයා මේ ගැන දැනගත්තා වගේම තවත් අය මෙවැනි දේ ගැන දැනුවත් කරන්න.මේ මෘදුකාංගයෙ හැම සංකේතයක්ම වගේ තියෙනවා අපිට තියෙන්නෙ ඒවා යොදාගෙන අදාල නිර්මාණය සිදුකිරීම පමණයි!

                                                         මෙතනින් ගිහින් ඩවුන්ලෝ්ඩ් කරගන්න 


Friday, June 13, 2014

නොමිලේ ඇතිතරම් පොත් ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න ඔබටත් අවස්ථාවක්.

අපිට ඇමසන් වගෙ වෙබ් සයිට් එකකට ගියොත් ගොඩක් වටින පොත් ඒකෙ තියෙනවා.ඒ්ත් ඒවා ගන්න සල්ලි නැත්නම් මොකද කරන්නෙ නේද?ඒකට විසදුමක් තමයි මම අද අරන් ආවෙ.මේ සයිට් එකේ නැති පොතක් නෑ.ඔයා ගිහිල්ලම බලන්නකෝ.මෙතනින් යන්න.

Monday, May 19, 2014

බණ ඇසීමේ අනුසස්.

බණ ඇසීමේ අනුසස්.
----------------------------------------
1.නො ඇසූ දැ අසන්නට ලැබීම.
2.ඇසූ දෑ පිරිසිදු වීම.
3.සැක දුරු වීම.
4.දෘෂ්ටිය සෘජු වීම.
5.සිත පැහැදීම.

මෙම කරුණු රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත නැමැති පොතෙන් උපුටාගන්නා ලදි.මෙම සබැදිය හරහා එම පොත ඔබට නොමිලේම ලබාගත හැක.
http://ogatharana.org/bookDownCounter.php?booknumber=1

Tuesday, April 15, 2014

ඇඩෝබි සමාගම Photoshop CS2 ඇතුලු මෘදුකාංග කිහිපයක් නොමිලේ දෙයි!

Photoshop භාවිතා කරන අය දන්නවා ඇති මේක කොච්චර ප්‍රයෝජනවත් මෘදුකාංගයක්ද කියලා.මටත් මේක ඕන වෙලා මම ගූගල් එකේ සර්ච් කරනකෙට මට මේ ලින්ක් එක හම්බ වුනේ.....
මේක අවුරුදු 7ක් විතර පරණ නිසා නූතන මෙහෙයුම් පද්ධති වලට නොගැලපෙන නිසාත් ඒගොල්ලො නොමිලේ දෙන්න තීරණය කරල.Photoshop  විතරක් නෙමෙයි මේ විදිහට ගොඩක් ඒවා නොමිලේ දෙනවා.
crack කරපුව දාල අමාරුවෙ වැටෙනවට වඩා මේ වගෙ එකක් පාවිච්චි කරන එක හොදයිනෙ.

කොහොමත්  පරණ computer වල අලුත් version වැඩකරන්නෙ නැහැනෙ....
අනික හොරු වෙන්නෙත් නැහැනෙ.ඒ නිසා හැම අතන්ම වාසියි ඔයාට..........

ඔන්න මම පහලින් ලින්ක් එක දාලා ඇති එතනින් වෙබ් සයිට් එකට යන්න.හැබයි සයිට් එකේ රෙජිස්ටර්

වුනාට පස්සෙ තමයි ඩවුන්ලෝඩ් දෙන්නෙ.



Monday, April 14, 2014

W3Schools වෙබ් අඩවිය හොදද නරකද? ඔබේ අදහස කුමක්ද?

ගොඩක් කට්ටිය වෙබ් ඩිසයිනින් ඉගෙනගන්න ගොඩවෙන සයිට් එකක් තමයි W3Schools කියල කියන්නෙ.ඒත් මේ ලගකදි මේ වෙබ් අඩවිය ගැන කරක ආරංචි එන්න ගත්තා.ඒවයි සත්‍ය අසත්‍යතාවය නම් මටත් ගැටලුවක්.නමුත් මම හිතුවා මේ හොයාගත්ත දේවල් ඔයාලා එක්ක බෙදාගන්න.එතකොට ඔයාට තීරණයක් ගන්න පුලුවන් වේවි.මේවා මගේ අදහස් නෙමෙයි.විවිධ වෙබ් අඩවිවල තිබිච්ච දේවල්....

w3fools කියන වෙබ් අඩවියෙ ‍W3Schools වෙබ් සයිට් එකේ ගොඩක් වැරදි අඩුපාඩු පෙන්වලා තියෙනවා.මේ සයිට් එකේකියන විදිහට  W3C ආයතනය සමග කිසිදු සම්බන්ධතාවයක් මේ වෙබ් අඩවියට නැතිලු.වැඩි විස්තර ඔයාලට w3fools වෙබ් සයිට් එකට ගිහින් බලාගන්න පුලුවන්.

ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන about.com වෙබ් අඩවියෙත් මේ පිලිබද ලිපියක් තිබුනා.ඒකත් මෙතනින් ගිහි්න් කියවලා බලන්න.

මේකෙ තියෙන බොහෝ අඩුපාඩු නිසා ලෝකයෙ බොහෝ දෙනා අතර තියෙන මත ටිකක් තමයි ඔය.මේ කිසි දෙයක් මගේ පෞද්ගලික අදහස් නොවන අතර මගේ අරමුණ වූයේ මේ පිලිබද තීරණයක් ගැනීමට ඔබව දැනුවත් කිරීම පමණයි.තීරණය කිරිම ඔබ සතුයි.එවිට ඔබගේ කාලය හා මුදල් ඉතිිරි කරගත හැක.මේ ගැන ඔබේ අදහස් හා යෝජනා බලා‍පොරොත්තු වෙනවා.

Thursday, April 10, 2014

ප්‍රයෝජනවත් වෙබ් අඩවි පිලිවෙලකට Bookmark කරගත හැකි වෙබ් අඩවියක්.

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට නොයෙක් ප්‍රයෝජනවත් වෙබ් අඩවි හමුවෙනවා.ඒවා හැම එකක්ම මතක තියාගන්න එක කොහෙත්ම කරන්න අමාරු වැඩක්.ඒ නිසා අපි ඒවා Bookmark කරන්න පුරුදු වෙලා තියනවා.ඒත් වෙබ් බ්ව්සර් එකෙන් Bookmark කළමනාකරනය කරගන්න හරි අමාරුයි මොකද ගොඩගැහුනම එපා වෙනවා.ඒකට විසදුමක් විදිහට අපිට මේ වෙබ් අඩවිය භාවිතා කරන්න පුලුවන්.මේ වෙබ් අඩවියෙ නම  Diigo සමහර විට ඔයාල අහලත් ඇති.වෙබ් අඩවි විවිධ ආකාරයට ලේබල් කරල පහසුවෙන් කලමනාකරනය කරගන්න පුලුවන්.ඒ වගේම විවිධ ලිපි වල වැදගත් කොටස් වෙනම හයිලයිට් කරන්න පුලුවන්.පුංචි පුංචි සටහන් ලියන්න පුලුවන්.පහත Link එකේ ගහිල්ලා මේකෙ රෙජිස්ටර් වෙන්න පුලුවන්.ඒකෙන් දෙන Diigo Extension එක වෙබ් බ්‍රව්සර් එකට දාගත්තම වැඩේ ගොඩක් ලේසියි.
                                                           
                                                               මෙතනින් යන්න.