Monday, April 14, 2014

W3Schools වෙබ් අඩවිය හොදද නරකද? ඔබේ අදහස කුමක්ද?

ගොඩක් කට්ටිය වෙබ් ඩිසයිනින් ඉගෙනගන්න ගොඩවෙන සයිට් එකක් තමයි W3Schools කියල කියන්නෙ.ඒත් මේ ලගකදි මේ වෙබ් අඩවිය ගැන කරක ආරංචි එන්න ගත්තා.ඒවයි සත්‍ය අසත්‍යතාවය නම් මටත් ගැටලුවක්.නමුත් මම හිතුවා මේ හොයාගත්ත දේවල් ඔයාලා එක්ක බෙදාගන්න.එතකොට ඔයාට තීරණයක් ගන්න පුලුවන් වේවි.මේවා මගේ අදහස් නෙමෙයි.විවිධ වෙබ් අඩවිවල තිබිච්ච දේවල්....

w3fools කියන වෙබ් අඩවියෙ ‍W3Schools වෙබ් සයිට් එකේ ගොඩක් වැරදි අඩුපාඩු පෙන්වලා තියෙනවා.මේ සයිට් එකේකියන විදිහට  W3C ආයතනය සමග කිසිදු සම්බන්ධතාවයක් මේ වෙබ් අඩවියට නැතිලු.වැඩි විස්තර ඔයාලට w3fools වෙබ් සයිට් එකට ගිහින් බලාගන්න පුලුවන්.

ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන about.com වෙබ් අඩවියෙත් මේ පිලිබද ලිපියක් තිබුනා.ඒකත් මෙතනින් ගිහි්න් කියවලා බලන්න.

මේකෙ තියෙන බොහෝ අඩුපාඩු නිසා ලෝකයෙ බොහෝ දෙනා අතර තියෙන මත ටිකක් තමයි ඔය.මේ කිසි දෙයක් මගේ පෞද්ගලික අදහස් නොවන අතර මගේ අරමුණ වූයේ මේ පිලිබද තීරණයක් ගැනීමට ඔබව දැනුවත් කිරීම පමණයි.තීරණය කිරිම ඔබ සතුයි.එවිට ඔබගේ කාලය හා මුදල් ඉතිිරි කරගත හැක.මේ ගැන ඔබේ අදහස් හා යෝජනා බලා‍පොරොත්තු වෙනවා.

5 comments:

  1. අදමයි ඔහොම දෙයක් ඇහුවේ... මොකද W3Schools වල ස්ටෑන්ඩර්ඩ් එක Internet Explorer ද? :P

    ReplyDelete
    Replies
    1. http://www.impressivewebs.com/w3schools-ugly-bad-good/.මේ ලිපියත් කියවලා බලන්න.හෝඩුවාවක් දැනගන්න ලැබෙයි.....

      Delete
  2. Sri Lankan unis give w3schools.com as a online reference for students. අනේ මන්ද...??? ලංකාවේ institute උගන්නනේ නිවැරදි දේවල්ද? මට තියන ගැටළුවක් මේක.

    තව දැකපු එකක් තම Software Creator's qualifications ගණන් නොගැනීම. Software Creator's is the top. He creates and teach others. Creator's qualifications not recognized. හදපු කෙනා නේ එක ගැන හොදටම දන්නේ. වෙන කව්රුවත් නෙමේනේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වැඩිපුර තියෙන්නේ බොරු කරන තැන්.ඉගන ගන්නවා නම් හොදම තැන internet එක තමයි.නමුත් අපි දැනගන්න ඕන ඒවා වලින් හරි වැරැද්ද තෝරාගන්න.මම දන්න හොදම තැනක් තමයි tutorial point කියන්නේ.w3 එක reccomend කරන්නේ තමන්ට කරන්න තියන දේවල් අඩු වෙනවනේ institute වල අයට.එකයි.

      Delete
  3. අද තමයි ඔහොම එකක් දැනගත්තේ, මාත් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා එකෙන්.නමුත් මම හිතන්නේ හැමදේකම හොද නරක තියනවා.මෙතැනදී වැදගත් අපි එතනින් ගත්තේ මොනවද කියන එකයි, ඒවා අපිය කොච්චර ප්‍රයෝජනවත්ද කියන එක.

    ReplyDelete